Live Stream


රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම් සභාව අමතයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා විශ්‍රාම දින සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටින්නේ විශ්‍රාමිකයා වෙනුවෙන් විධිමත් සේවාවක් සිදු කරන්නේ රාජ්‍ය අංශය බවයි. ශ්‍රී ලංකාවේ  ඒකාබද්ධ අරමුදලෙන් වැඩි මුදලක් වෙන් වන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතට බව ද මෙතුමන් පවසයි. විශ්‍රාමිකයන් හා සම්බන්ධ දේශපාලන කාරණා ද බැඳී පවතින බවත්, රජයක් බලයෙන් පහ කිරීම හෝ  රජයක් පත් කිරීමේ හැකියාව විශ්‍රාමිකයන් සතු වන බවද මෙතුමන් ප්‍රකාශ කරන ලදී. එමඟින් මෙතුමන් පෙන්වා දීමට උත්සාහ කරනු ලබන්නේ විශ්‍රාමිකයාට වර්තමානයේ හිමිව ඇති තත්ත්වයයි. පසුගිය උපාධි ප්‍රධානෝත්සව අවස්ථා වලදී වෙනත් පෞද්ගලික අංශ වල ඉහළ වැටුප් ලැබූ උපාධිධාරීන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප හේතුවෙන් රජය හා සම්බන්ධ වූ බවද මෙතුමන් ප්‍රකාශ කර සිටී. දඩල්ලගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඵලදායී ලෙස සිදු කිරීමේ වගකීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැවරෙන් වගකීමක් බවයි. එසේම පවතින විශ්‍රාම වැටුප් ක්‍රමවේද කළමනාකරණය කිරීම තරමක් අභියෝගාත්මක කාරණාවක් බවත්,  සාම්ප්‍රධායික විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීමට උත්සාහ ගැනීම දෙපාර්තමේන්තවේ ඉදිරි බලාපොරොත්තුව වන බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කරන ලදී.

0 comments: