Live Stream


ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය යාවත්කාලීන විය යුතුයි.......

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අයිති රජයේ සේවයේ නියුතු වූ පුද්ගලයන්ට පමණයි. නමුත් ලෝකයේ බහුතරයක් රටවල සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුපක් හිමියි. ඔවුන් තමාගේ විශ්‍රාම දිවිය විශ්‍රාමයෙන්, විශ්‍රාන්තියෙන් ප්‍රබෝධමත්ව ගත කරනවා.
ඒත්................,
ලාංකිකයන්ගෙන් කොටසක් විශ්‍රාම වැටුපක් බලාපොරොත්තුවෙන් තම සමස්ත සේවා කාලය ම අවම වැටුපකට දිය කර හරිනවා. තවත් කොටසක් විශ්‍රාම දිවිය විඳින්නට අවකාශයක් ශක්තියක් නොමැතිව ලතවෙනවා.

ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය යාවත්කාලීන වෙන්න නම්, ඉහත සියල්ල ගැනම අවධානය යොමු කරමින්, එය පදනම් කොටගෙන, පර්යේෂණාත්මකව ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය උත්පාදනය කළ යුතුයි. අද වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එම කාර්යය ඉටු වෙනු දැකීම අනාගත විශ්‍රාමිකයින්ට සුබ ලකුණක් වනු ඇත.

0 comments: