Live Stream


විශ්‍රාම දින සමුළුෙව් දී අන්තර්ජාල සඟරාවක් එලි දකී.

Monday, October 05, 2015 Chandimal Wanasuriya 2 Comments


මෙවර විශ්‍රාම දින සමුළුෙව් දී "විශ්‍රාම" නමින් වෙබ් සඟරාවක් නිකුත් කරනු ලබය.

  • "විශ්‍රාම වැටුප් ගෙවන්න දෙපාර්තෙම්න්තු අවශ්‍ය නෑ"
                                               - සුනිල් හෙට්ටිඅාරච්චි
  • "දීර්ඝායු සමාජ ප්‍රශ්නයක්ද"
                                               - මහාචාර්ය රොහාන් සමරජීව
  • "සිත සැහැල්ලු වන ව්‍යායාමයක යෙදුමු"
                                                - සංජුලා දමයන්ති
  • "වනපස මල් පූදන්නට හිරු රශ්මිය වෙමි"
                                                 - චූලානන්ද සමරනායක
  •  සොඳුරු නිලධාරින් උවමනා කර තිබේ
                                                  - අනූෂා ගෝකුල ප්‍රනාන්දු

යන හිසින් යුත් ලිපි ඒකී සඟරාවේ අන්තර්ගත යි.

2 comments:

  1. අද අයි ටී එන් රූපවාහිනී චැනලයේ පැවති සාකච්ඡාව හා බැඳේ. ඊට සවන් යොමු වීමෙන් අනතුරුව මෙතනට එන්නට ආශාවක් ඇති වුනා. විශ්‍රාමික ප්‍රජාව කම්මැලි කමේ ඔහේ උඩ බලාගන ඉන්නා බවක් බැලූ බැල්මට පෙනෙනවා.මමත් විශ්‍රාමිකයෙක්මි. මටද පෙනුන ලෙසට වැඩක් නැතුව සිටින විශ්‍රාමිකයන් අතරට ගොස් ඔවුන්ගේ ඇතුලාන්තය කියවන්නට තැත් කළ විට පෙනුනේ නිකං ඉන්නා බවක් නොව තමන්ව ඉවත දැමූ අය දෙස අසහනයෙන් බලා සිටින බවයි. විශ්‍රාම ගිය ඇතැමෙක් තම දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් වැඩ සොයමින් කෙඳිරිගාමින් සිටින බවක් පෙනුන එක් ලක්ෂණයකි. ඒ අය ඉවත දමන කඩ මාළු සේ ඇතැමුන් සලකද්දි ඇති වුනේ කලකිරීමක්. මා වුවද මුහුණ දෙන්නේ මේ තත්වයට බව පෙනී ගිය නිසාම විශ්‍රාම ගැනීමට මාස දෙකක් පමණ තිබියදී ඉදිරි කටයුතු සැළසුම් කරගත්තා.වෙනත්ම ක්ෂෙත්‍රයක සාම්ප්‍රදායික පුංචි ගම් පියසක සමාජ ආර්ථික සංස්කෘතික විකාශනය හා එිහි අතීත උරුමයන්ගේ අගය සම්බන්ධව හැකිතාක් සියුම්ව අධ්‍යයනය කරන්නට ඇරඹී තිබුණේ.මා පාසලේ ඉගෙන ගන්නා තරම් ඈතදීමය. ඒ අත්දැකීම් මගේ නිරිමාණයේ පදනම ලෙස ගතිමි.විශ්‍රාම ලැබීමෙන් පසුව නොමිලේ ලැබි තියන පහසුකම් යටතේ බ්ලොග් ලියන්නට පෙළඹුනෙමි..සමහරු ඉතිහාසය ලෙසද සමහරු මානව වංශ විද්‍යාව ලෙසද සමහරු ජනශ්‍රැති අධ්‍යයනයක් ලෙස ද සලකමින් සෑහන තරමේ විද්වත් පාඨක ප්‍රජාවක් අතර ඔවන්ගේ අනේක විධ ප්‍රතිචාර මධ්‍යෙය් මහත් වින්දනයක් ලබන්නෙමි. මා වැනිම හෝ ඊටත් වඩා අති විශාල මෙහෙවරක යෙදෙන විශ්‍රාමික ප්‍රජාවක් බ්ලොග් ලොව වටා එක්ව සිටිති. විශ්‍රාමිකයන්ද මනුෂ්‍ය ප්‍රජාවට/ජාතියට කිසියම් මෙහෙවරක් කරන්නට සමත් පිරිසක් වෙතැයි සැලකීමම ඔවුන්ට කළ උපහාරයක් සේ සලකමි.
    විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නව වැඩ පිළිවෙලට සුබපතන්නෙක් ලෙස මේ විශ්‍රාමිකයාද එකවන බව සලකත්වා.

    ReplyDelete
    Replies
    1. ඔබේ වදන් සැබැවින්ම අපට මහත් ආශිර්වාදයක්. විශ්‍රාම දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී සිටින ඔබ වගේ පුද්ගලයන් ගැන අප සැබවින්ම නිහතමානීව ආඩම්බර වෙනවා. ඔබේ අදහස් යෝජනා චෝදනා නිරන්තරයෙන්ම අපේ බ්ලොග් එකට ලියනවා නම් ඒක අපට සතුටට කාරණයක්.

      Delete