Live Stream


විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉදිරි පියවරක් - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිරෝධ කාරීයවසම්

Thursday, October 01, 2015 Unknown 0 Comments

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියන්නෙ රජයේ ආයතන අතර බොහොම ඉහළින් තිබෙන ආයතනයනක්. මෙවර ජාතික විශ්‍රාමික දින සැමරුම් සමුළුව අලුත් මුහුණුවරක් යටතේ පවත්වන තීරණය ඇවිත් තියෙන්නෙත්, මේ ආයතනයේ ගණුදෙණු වල දිගුව බො‍හොම හරසරින් පිළිගන්න නිසා. මේ ආරම්භය ගැන ඔබතුමා හිතන්නේ මොනවද? විශ්‍රාමික ප්‍රජාවට මෙම අවස්ථාව වඩාත් හොද අවස්ථාවක් වෙයි තොරතුරු ලබාගන්න. ජාත්‍යන්තරය දක්වා විශ්‍රාම සේවකයා රැගෙන යන්න ගනු ලැබු තීරණය ඉතා වැදගත්. * අපි විශ්‍රාමික ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාදීමේ අරමුණින් බ්ලොක් අඩවියක් ආරම්භ කළා.ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් විදිහට ඔබතුමා මේගැන හිතන්නේ මොනවද? මම හිතන විදිහට විශ්‍රාම දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන මෙම පියවර ඉතාමත් හොඳ ඉදිරි පියවරක්. නව මාධ්‍ය මේ වනවිට අනෙකුත් මාධ්‍ය අභිබවා කටයුතු කරනවා.නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා.මොකද විශ්‍රාමික ප්‍රජාවෙන් අඩු පිරිසක් තමයි නව මාධ්‍ය භාවිතා කරන්නේ, ඒත් මම හිතන විදිහට තව අවුරුදු දහයක් පහළොවක් යනකොට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.‍ මේ වෙනකොට ඉන්න විශ්‍රාමික පිරිසට මෙමගින් ප්‍රමාණවත් ලෙස ලබාගත නොහැකි වුණත් මේ ආරම්භය ඉදිරි පරම්පරාවට මේ ආයතනය එක්ක කටයුතු කිරිමට හොද අවස්ථාවක්.මොකද දවසෙන් දවස නව මාධ්‍ය භාවිතා කරන පිරිස වැඩි වෙනවා. * විශ්‍රාමික ප්‍රජාවට අවශ්‍ය තොරතුරු වඩාත් ඉක්මනින් හා ක්ෂණිකවම ලබාදීමේ අරමුණෙන් තමයි අප මේ බ්ලොක් අඩවිය පටන් ගත්තේ, තොරතුරු ඇතුළත් කළහැකි වඩා සාර්ථක ක්‍රමවේදයන් මොනවාද? මම හිතන්නේ බහුතර විශ්‍රාම පිරිසක් කියවන්න ගොඩක් කැමතියි.ඒ නිසා ඔවුන්ට අවශ්‍ය තොරතුරු ඉතා සරලව ලබාදෙන්න පුළුවන්නම් නම් හොදයි.ඒ විතරක් නෙමෙයි රූපමය භාෂාව භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථකයි කියලා මං හිතනවා.නුතන පරම්පාවටත් උචිත විදිහට ලිඛිත ව‍ගේම රූපමය භාෂාව භාවිත කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

0 comments: