මහළු කෙනෙක් කළ තරුණ වැඩක් - ටී.වී දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ශෙහාන් බරණගේ මහතා
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන්න යන නව
බ්ලොග් අඩවිය ගැන කවුරුත් කථා කරන්නෙ බොහොම ඉහළින්. අනෙකුත් රාජ්‍ය ආයතන ඉක්මවා නව
තාක්ෂණික ලෝකය සමඟ ගණුදෙණු කරන මෙම දෙපාර්තමේන්තුව අද කරන්න යන්නෙ මහඟු කර්තව්‍යයක්.
ඒක රටේ අනාගතය වෙනුවෙන් කරන සාර්ථක වෑයමක්. ටී.වී දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමන්
මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීම හා විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් අප සමඟ මෙසේ අදහස්
ඵල කළා.
“ඔබලා කරන්න යන්නෙ බොහොම හොඳ වැඩක්. ඇත්තෙන්ම ඒ ගැන ගොඩක්
සන්තෝසයි. රජයේ සේවයේ අවුරුදු 30ක් 40ක් විතර වැඩ කරලා ඒ අයගෙ උගත්කමට වගේම කරපු සේවයට දෙන වටිනාකම
තමයි විශ්‍රාම වැටුප කියලා කියන්නෙ. අවුරුදු ගාණක් රට වෙනුවෙන් කරපු ඒ සේවයෙන් පසු
ඉදිරි ජීවිතය ගත කරන්න විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුව හරහා කරන මේ සේවාව ගොඩක් අගය
කරනවා.
විශ්‍රාමිකයන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍යය තොරතුරු ලබා ගන්න
බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම බොහොම හොඳ දෙයක්. අද විශ්‍රාම ලබන විශ්‍රාමිකයන්
බොහොමයක් නවීන තාක්ෂණය සමඟ ගණුදෙණු නොකළත්, ඔවුන්ගේ ඉදිරි පරපුර හරහා හෝ මෙම
බ්ලොග් අඩවියේ තොරතරු විශ්‍රාමිකයන්ට ලබා ගැනීමට මෙවැනි පියවර ගෙන තිබීම යහපත්.
විශ්‍රාම වැටුප් දෙපාර්තාම්න්තුව කියන නම ඇහුව සැනින්
බොහෝ අයගෙ මතයක් තියෙනවා මේ දෙපාර්තමේන්තුවත් විශ්‍රාම ගිහින් වගේ කියලා. ඒ වගේ ආකල්ප
අතරෙ මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම මම දකින්නෙ “ මහළු කෙනෙක් කළ තරුණ වැඩක් ”
විදියටයි.”

0 comments: