Live Stream


රාජ්‍ය සේවකයාට විශ්‍රාමික වැටුප හැර වෙනත් ආරක්ෂණයක් තිබේද?

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


ගෝලීයකරණයත් සමඟ ලෝකය අති දැවැන්ත තරඟකාරී සමාජයක් නිර්මාණය කරමින් සිටී. ඒ ග්‍රහණයෙන් මිදීමට කිසිවෙකුට කළ නොහැක්කකි. මන්ද එය ජයගැනීම පිටුපස අතිප්‍රබල සාධකයන් ලෙස රැකියාව වැදගත් වන නිසාවෙනි. තරඟකාරී සමාජයට අභියෝග කරමින් යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි නම්, ඔහුට හෝ ඇයට වැදගත් වන්නේ ඉහළ වැටුපක් සහිත රැකියාවකි.රැකියාවකට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වන පුද්ගලයාට අසන්නට ලැබෙන දේ බවට අද පත්වෙලා තිබෙන්නේ, රාජ්‍ය සේවයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ රැකියාවක් ඉතා වටිනා බවයි. ඒ මක්නිසාද යත් රාජ්‍ය සේවයට සාපේක්ෂව ඉහළ වේතනයක් පෞද්ගලික අංශයේ රැකියාවකින් ලබා ගැනීමට හැකිය යන්න පවතින මතය නිසාවෙනි. නමුත් සමස්ත සමාජය මෙවැනි මතයක් දරද්දී ඇතැමුන් රාජ්‍ය සේවය පමණක් අපේක්ෂා කරන්නේ කුමකටද? “රාජ්‍ය සේවය තුළ වැඩි කාර්යයභාරයක් නැහැ.අයිස් ගහන්න පුලුවන්” යන අදහස නිසාද?නැත. ප්‍රබල කාරණාවක් ඒ පිටුපස ඇති නිසාවෙනි. සෑම පුද්ගලයෙක්ම ගෞරවනීය නාමයක් සහිතව සිය රැකියාව නිම කිරීමට කැමැත්තක් දක්වයි. ඒ ගෞරවනීය නාමය එක් කළ හැක්කේ රාජ්‍ය සේවයට පමණක් වීම එකී කාරණාව වැඩිදුරටත් තහවුරු කරයි.ඒ කෙසේද යත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් ලබා දෙන සමාජ ආරක්ෂණය නැතහොත් නිම කළ සේවාව වෙනුවෙන් ලබා දෙන විශ්‍රාම වැටුපයි. ඇතමෙක් සිතිය හැකියි, ඉහළ වැටුපක් ලබා ගන්නේ නම් හොඳ රැකියාවක් කරන්නේ නම් විශ්‍රාම වැටුපක් කුමකටද යන්නයි. නමුත් මෙය කාර්යයභාරය වැඩි, අඩු වේතනයක් සහිත රැකියා ක්ෂේත්‍රයක් විය හැකිය. විශ්‍රාම වැටුප අප අර්ථකථනය කර ගත හොත් හරියට අවලංගු වන්නට යන කාසියකට වටිනාකමක් එක් කළාක් විය හැකිය. රාජ්‍ය අංශය වැඩි වටිනාකම් සහිත ගොඩනැඟෙන යාන්ත්‍රණයකි. හිතුමතේට කිසිවෙකුට මෙය වෙනස් කළ නොහැකිය. රජය වෙනුවෙන් සේවයේ නියුතු සේවකයන්ගෙන් සැදුම්ලත් මේ ඒකකය නිරන්තරයෙන් මහජනයා වෙනුවෙන් පෙනී සිටී. එහි ප්‍රතිඵලයකි විශ්‍රාම වැටුප. සමාජ ආරක්ෂණය යන්න සමාජයට අවැසි අති ප්‍රබල සංකල්පයකි. සෑම පුද්ගලයෙක්ම සමාජ ආරක්ෂණයක් අපේක්ෂා කරයි. සේවය හමාර කළ තමාට, තම බිරිඳට හෝ ආබාධිත දුව පුතාට පූර්ව රැකවරණයක් අවශ්‍යය.මහලු කොස්වාලිහිණියෙකුට තම කැදැල්ලට හරි හැටි රැකවරණයක් සැපයිය නොහැකිය. නමුත් ඔවුන්ද රැකිය යුතුයි. එනම් රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයට එන්නේ ඒ ආරක්ෂණය පතා නොවේද? පූර්ණ රැකවරණයකට රාජ්‍ය සේවකයා වෙනුවෙන් අත්වැල සපයන්නේ විශ්‍රාම වැටුප නොවේද?

0 comments: