Live Stream


විශ්‍රාම දින සමුළුෙව් නිමාව සනිටුහන් විය.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

2015 ජාතික විශ්‍රාම  ප්‍රතිපත්තියක් යටතේ පැවති විශ්‍රාම දින සමුළුව,පදනම් අායතන පරිශ්‍රයේදී  සාර්ථකව අවසන් විය. අද දින පැවැති විශ්‍රාම සමුළුවේදී උගත්, බුද්ධිමත් මතවාද ගණනාවක් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබිණ.

0 comments:

Awards Distibution.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

The awards were distributed who participants in the  forum discussion .

0 comments:

இனிதே நிறைவு பெறும் தேசிய ஓய்வூதியர் தின மாநாடு- 2015

Thursday, October 08, 2015 Unknown 0 Comments

2015 ஆம் ஆண்டுக்கான தேசிய ஓய்வூதியர் தின மாநாடு இனிதே நிறைவு பெறுகின்றது. ஓய்வூதியர்களான உங்கள் அனைவருக்கும் ஆரோக்கியம் மற்றும் மகிழ்ச்சிமிக்க எதிர்காலம் அமைய வேண்டுகின்றோம். உங்களுக்கான நலன்களை வழங்குவதற்கு ஓய்வூதியத் திணைக்களம் நிதமும் அர்ப்பணிப்புடன் செயற்படும்.

0 comments:

2015 ජාතික විශ්‍රාම දින සමුළුවේදී සජිවී සංවාදයක්.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

2015 විශ්‍රාම දින සමුළුවේදී විශ්‍රාමික ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වනු ලැබීය.අාර්ථික විද්‍යා පර්යේෂක නිශා අරුණ තිලක මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා, ජෙ.බී.සෙක්‍රටීස් පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායක මුර්තෂා ජැෆ්රී මහතා, AIA  ඉන්ෂුවරන්ස් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක ෂාන්රොෆ් මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිඅාරච්චි මහතා, පුවත්පත්වේදී නාලක ගුණවර්ධන මහතා අැතුලු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

0 comments:

Questions.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

Audience was asked  the questions from  the discussion panel.

0 comments:

கேள்வி பதில் ​நேரம்

Thursday, October 08, 2015 Unknown 0 Comments

ஓய்வூதியர்களினால் விடுக்கப்பட்டிருந்த கேள்விகளுக்கு ஆய்வாளர்கள் தமது பதில்களை அளிக்கின்றனர்.
 அத்துடன் பார்வையாளர்களும் தமது கருத்துக்களை முன்வைத்த வண்ணம் கேள்விகளையும் தொடுக்கின்றனர்.

0 comments:

Discussion.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

A heated arguments were gone on among the experienced scholars in this symposium. They have point-outed lots of suggestions on behalf of the pensioners betterment.
 

0 comments:

ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් යන තේමාව යටතේ ඉදිරිපත්කළ තවත් අදහසක්.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

මර්තෂා ජැෆර්ජි මහතා  විශ්‍රාමිකයාට විශ්‍රාම ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබදව අදහස් ඉදිරිපත් කරනු ලැබීය. මේ පිළිබදව වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කළ  ඔහු ප්‍රකාශ කළේ  ඒයට හේතු සාධක ගණනාවක් බලපාන බවයි. ඒ්ක පුද්ගල අාදායම අඩු මට්ටමක පවතීම,වෘත්තිකයින්ගේ සැලසුම් වෙළදපළ සමග බැදි පැවතීම,විශ්‍රාමිකයා  දේශපාලන අරමුණු වලට අඩු කැමැත්තක් දැක්වීම අාදී හේතු සාධක විශ්‍රාමිකයාට බලපාන බවයි. ඔහු සිය අදහස් දැක්වීමේදී විශ්‍රාමික ප්‍රජාවට ප්‍රජාතාන්ත්‍රික සහ තාක්ෂණික ගැටලු පවතින බව තව දුරටත් පැහැදිලි කළේය.

0 comments:

Prof.Indralal De Silva's ideas.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

He mentioned in his speech Sri Lankan elder population is doubling now our life expectancy is approaching 72 years.In Singapore even above 80 years in life expectancy. Without university sector , other government officers retired in 60 years old .

0 comments:

නිශා අරුණතිලක මහත්මියගේ‍ෙ අදහස්.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 1 Comments

ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් යන තේමාව යටතේ නිශා අරුණතිලක මහත්මිය සිය අදහස් ප්‍රකාශ කළාය. විශ්‍රාමිකයා පිළිබදව සිය අදහස ප්‍රකාශ කළ අැය විශ්‍රාම වැටුප අත්‍යවශ්‍යම පිරිසක් සිටින බව පැහැදිලි කරන ලදී. මේ පිළිබදව වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ ප්‍රධාන ස්ථර හතරක් හදුනාගත හැකි බවයි.රාජ්‍ය, පෞද්ගලික,අවධිමත් ක්ෂේත්‍රය හා වැඩිහිටි සංවිධාන යන අංශ පිළිබදව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.විවිධ ස්වරුපයන් යටෙත් ශ්‍රාමිකයන්ට විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් හිමිවන අාකාරය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන ලදී.

1 comments:

ඉන්ද්‍ර ද සිල්වා මහතාගේ අදහස්.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් යන තේමාව යටතේ පැවැත්වෙන ජාතික විශ්‍රාම දින සමුළුවේ සංවාද මණ්ඩපය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ විසින් විශ්‍රාමික ප්‍රජාව පිළිබඳ අදහස් පළකරන ලදී. ශ්‍රී ලාංකික ජනතාවගේ ආයු කාලය ජනගහන අනුපාතය පසුගිය අවුරුදු සමඟ සංසංදනය කරමින් මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ලැබිණි.

0 comments:

தேசிய ஓய்வூதியக் கொள்கை

Thursday, October 08, 2015 Unknown 0 Comments

தேசிய ஓய்வூதியக் கொள்கை” எனும் கருப்​​பொருளினை மையப்படுத்திய வண்ணம் இம் மாலைப் பொழுதின் திறந்த கலந்துரையாடல் இடமபெற்ற வண்ணமுள்ளது.
ஆய்வாளர்கள் தனித்தனியாகத் தமது கருத்துக்களை முன்வைத்த பின்னர் அவர்கள் அனைவரும் கூட்டாகத் தற்சமயம் இதுதொடர்பில் கலந்துரையாடுகின்றனர். இலங்கை வாழ் மக்களுக்கு நிதியியல் ரீதியாக கிடைக்கும் நலன்ளைப் பற்றி விளக்குகின்றனர்.அவற்றினால் மக்களுக்கு கிடைக்கும் அனுகூலங்கள், பிரதிகூலங்கள் ஆராயப்படுக்கின்றன.

0 comments:

Evening Session

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

Forum discussion was started in the evening session. There are lots of intellectuals joined with this forum. It is conduct on the topic of "Towards National Pension frame work". 

0 comments:

திறந்த கலந்துரையாடல்

Thursday, October 08, 2015 Unknown 0 Comments

தேசிய ஓய்வூதியர் தின மாநாட்டின் மாலைப் பொழுதில் ஒய்வூதியர்களின் வாழ்வியல் விடயங்ளை ஆராயும் திறந்த கலந்துரையாடல் இடம் பெறுகின்றது. உங்களது கேள்விகளை 0722-315267 எனும் இலக்கத்திற்கு sms முலம் அனுப்ப முடியும்.
இலங்கையின் முதற்தர ஆய்வாளர்கள் ஒய்வூதியர்களின் வாழ்வியல் விடயங்கள் தொடர்பில் தமது கருத்துக்களை இங்கு குழுமியிருக்கும் ஒய்வூதியர்களிடம் முன் வைத்த வண்ணம் உள்ளனர்.

0 comments:

විශ්‍රාමික මහත්මියක් සිය ස්වයං රැකියාව පිළිබදව අදහස් දක්වයි.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments

අැත්තටම මට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහත් ශක්තියක් වුණා.මම දැනට අවුරුදු 18 ක් මෙම ස්වයං රැකියාව කරනවා.අැත්තටම වෙනත් කිසිම අායතනයකින් මේ අාකාරෙය් සහන ලැබෙන්නේ නෑ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුෙවන් ලැබුණු සහයෝගය නිසයි මෙතරම් දිගු ගමනක් ඒනන පුළුවන් වුනේ.

0 comments:

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමන් විශ්‍රාමිකයන් වෙනුවෙන් සිය අදහස් ප්‍රකාශ කර සිටී.

Thursday, October 08, 2015 Methzika Kariyawasam 0 Comments


පසුගිය මැතිවරණ අවස්ථා වලදී විශ්‍රාමිකයන්ගේ සේවය ඉතා අගය කරන මෙතුමන් රාජ්‍ය සේවකයා වෙනුවෙන් රුපියල් 10,000ක වැටුප් දීමනා ලබා දීම නව රජයේ කටයුත්තක් බවත් එය විශ්‍රාමිකයා වෙනුවෙන් කර ඇති සේවාවක් බවත් පවසයි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති වෙබ් රේඩියෝව, අන්තර්ජාල සඟරාව සඳහා අදහස් ප්‍රකාශ කිරීමෙන් සහාය දක්වන ලෙස ද අමාත්‍යතුමන් විශ්‍රාමිකයින්ගෙන් ඉල්ලා සිටී. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට නව රජය ගෙන ඇති පියවර පිළිබඳව  මෙතුමන් වැඩිදුරටත් අදහස් දක්වයි.  එසේම විශ්‍රාමිකයාට ශක්තිමත් ලෙස ජීවත් වීමට සුදුසු වාතාවරණයක් සකස් කිරීම රජයේ කාර්යභාරය වන බවත් අමාත්‍යතුමන්  මෙහිදි ප්‍රකාශ කරනු ලැබිණ.

0 comments:

அனுசரணையாளர்களின் முன்வைப்புக்கள்

Thursday, October 08, 2015 Unknown 0 Comments

அட்டன் தேசிய வங்கி

அட்டன் தேசிய வங்கியினால் ஓய்வூதியர்களுக்காக வழங்கப்பட்டுள்ள சேவைகள் மற்றும் மற்றும் இலத்திரனியல் அடையாள அட்டை தொடர்பில் விளக்கப்படுகின்றது​


பான் ஆசியா வங்கி

பான் ஆசியா வங்கியினால் ஓய்வூதியர்களுக்காக வழங்கப்பட்டுள்ள சேவைகள் மற்றும் “சம்மான” விசேட கடன் திட்டம் தொடர்பில் விளக்கப்படுகின்றது.


ஶ்ரீ லங்கா மொபிடெல்

ஶ்ரீ லங்கா மொபிடெல் ஓய்வூதியர்களுக்காக வழங்கப்பட்டுள்ள சேவைகள் மற்றும் “நன்றிக்கடன்” விசேட தொலை தொடர்புத் திட்டம் மற்றும் ஈஸி-கேஷ் தொடர்பில் விளக்கப்படுகின்றது.

0 comments:

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල පුවත්පත නිකුත් කෙරේ.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

විශ්‍රාම දින සමුළුව පෙරදැරි කරගෙන අාරම්භ කිරිමට නියමිතව පැවති අන්තර්ජාල පුවත්පත මැලේසියානු රාජ්‍ය පරිපාලන දෙපාර්තෙම්න්තුෙව් නියෝජ්‍ය අධ්‍යක්ෂක  මහතා අතින් ඕයී ගෝන් ලී මහතා විසින් අාරම්භ කළේය.

0 comments:

E-magazine launched by Mr. Ooi Goan Lee

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

E-magazine 'Vishrama' was launched by Mr. Ooi Goan Lee.Through  this E- magazine the department of pension have planned to a give the new
information for the pensioners. It will become a novel step.   

0 comments:

විශ්‍රාම රේඩිෙයා්ව අන්තර්ජාලයට.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

විශ්‍රාම දින සමුළුව පෙරදැරි කරගෙන අාරම්භ කිරිමට නියමිතව පැවති වෙබ් රේඩියෝව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්බාර අතින් දියත් කරනු ලැබීය.විශ්‍රාම රේඩියෝව පිළිබදව අදහස් දැක්වු අමාත්‍යවරයා මෙම රේඩියෝව සාර්ථකව පවත්වාගෙන යාමට සුභ පැතුම් ඒක් කළේය.

0 comments:

Web radio was launched

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

The web radio "Vishrama Radio" was launched by Hon.Minister of Public and Management Mr. Ranjith Maddumabandara. Through this web radio the department of pension have planned to a give the new information for the pensioners. It will became a novel step.  

0 comments:

கௌரவ அமைச்சர் சொற்பொழிவாற்றுகின்றார்

Wednesday, October 07, 2015 Unknown 0 Comments

தேசிய ஓய்வூதியர் தின மாநாட்டில் கௌரவ பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சர் இரஞ்சித் மத்துமபண்டார உரை நிகழ்த்துகின்றார். ஓய்வூதியர்களுக்கு வழங்கப்பட்டுள்ள விசேட நலன்கள் தொடர்பில் விளக்கமளிக்கின்றார். வினைத்திறன் மற்றும் உற்சாகத்துடன் கூடிய பொதுச் சேவையினை உருவாக்க ஓய்வூதியர்களின் பங்களிப்பினை ​வேண்டுகின்றார்.

0 comments:

මැලේසියානු මහජන සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඕල් ගෝන් ලී මහතා උත්සව සභාව අමතයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

මැලේසියාන මහජන සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඕල් ගෝන් ලී මහතා ජාතික විශ්‍රාම දින සමුළුව අමතමින් මෙවැනි සමුළුවකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය ප්‍රකාශ කර සිටී.  මැලේසියානු රාජ්‍ය අංශය ප්‍රතිව්‍යූහගත කරන ආකාරය රාජ්‍ය, දේශපාලන, ආර්ථික හා සමාජ යන අංශ 4 යටතේ සිදු වන බව ප්‍රකාශ කරනු ලබයි. සෑම වසරකම උද්ධමනය වැඩිවීමත් සමඟ විශ්‍රාමික ගැටලු ඇති වන බවත් මේ සඳහා මැලේසියානු රජය විශ්‍රාමිකයන් තුළ සාධනීය වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බවත් ලී මහතා පවසයි. පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුළ වෙනසක් ඇති කර එහි ප්‍රතිලාභ විශ්‍රාමික ප්‍රජාවට ලබා දීමට කටයුතු කිරීම ගැටලු අවම කිරීමට ගෙන ඇති පියවරක් බවත් මෙතුමන් ප්‍රකාශ කර සිටී. එසේම මැලේසියානු රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට කටයුතු මැලේසියානු රජය දියත් කර ඇති ක්‍රියාපටිපාටියක් වන බවද මෙතුමන්ගේ අදහසයි. මැලේසියානු රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මෙවැනි ආකාරයේම සමුළු පැවැත්වෙන බවත් විශ්‍රාමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ඇති ජාතික ප්‍රතිපත්ති මැලේසියාවේද ක්‍රියාත්මක කළ හැකි බවත් මෙතුමන් ප්‍රකාශ කර සිටී. මැලේසියානු රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් දැනට 40% පමණ ඇති බවත් ඔවුන්ගේ සුභසාධනයට අවශ්‍ය වැටුප් දීමනා හා උසස් පහසුකම් ලබා දී ඇති බවත් එමඟින් බහුතර පිරිසක් මැලේසියානු රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට කැමැත්තක් ඇති බවත් ETF සේවාව එරටේද ක්‍රියාත්මක වන බවත් මෙතුමන් ප්‍රකාශ කර සිටී. එසේම මැලේසියානු විශ්‍රාමිකයෙකුට ආබාධිත තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී රජය විසින් වන්දි මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවද වසරකට 2%ක් විශ්‍රාමකයන් එරටේ වැඩි වන බවත් එය පෙඩරල් ඒකාබද්ධ අරමුදල වශයෙන් හඳුන්වන බවද මෙතුමන්ගේ අදහසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ හා මැලේසියාවේ ඇති රාජ්‍ය ප්‍රතිපත්තීන් අතර සමානතාවක් ඇති බවද ලී මහතාගේ අදහසයි.


0 comments:

இணைய சஞ்சிகை மற்றும் வானொலி

Wednesday, October 07, 2015 Unknown 0 Comments


ஓய்வூதியத் திணைக்களத்தின் , இணைய சஞ்சிகை மற்றும் வானொலியின் அங்குரார்ப்பணம் இடம்பெறும் சந்தர்ப்பத்துடன் நாம் இணைந்துள்ளோம்.​
ஓய்வூதிய வானொலி வான் அலைகளுடன் சங்கமிக்கும் வேளையில் சஞ்சிகையும் வெளியிடப்படுகின்றது.

0 comments:

Hon.Deputy Minister Administration and management was addressed the symposium.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

Hon.Deputy Minister Administration and management Mr . Susantha Punchinilamee mentioned in his speech " I think other department also will follow the Department of Pension , they can achieve their goal without any doubt. Today the Department of Pension has setting an example to others."
   

0 comments:

රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම් සභාව අමතයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා විශ්‍රාම දින සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටින්නේ විශ්‍රාමිකයා වෙනුවෙන් විධිමත් සේවාවක් සිදු කරන්නේ රාජ්‍ය අංශය බවයි. ශ්‍රී ලංකාවේ  ඒකාබද්ධ අරමුදලෙන් වැඩි මුදලක් වෙන් වන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතට බව ද මෙතුමන් පවසයි. විශ්‍රාමිකයන් හා සම්බන්ධ දේශපාලන කාරණා ද බැඳී පවතින බවත්, රජයක් බලයෙන් පහ කිරීම හෝ  රජයක් පත් කිරීමේ හැකියාව විශ්‍රාමිකයන් සතු වන බවද මෙතුමන් ප්‍රකාශ කරන ලදී. එමඟින් මෙතුමන් පෙන්වා දීමට උත්සාහ කරනු ලබන්නේ විශ්‍රාමිකයාට වර්තමානයේ හිමිව ඇති තත්ත්වයයි. පසුගිය උපාධි ප්‍රධානෝත්සව අවස්ථා වලදී වෙනත් පෞද්ගලික අංශ වල ඉහළ වැටුප් ලැබූ උපාධිධාරීන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප හේතුවෙන් රජය හා සම්බන්ධ වූ බවද මෙතුමන් ප්‍රකාශ කර සිටී. දඩල්ලගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඵලදායී ලෙස සිදු කිරීමේ වගකීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැවරෙන් වගකීමක් බවයි. එසේම පවතින විශ්‍රාම වැටුප් ක්‍රමවේද කළමනාකරණය කිරීම තරමක් අභියෝගාත්මක කාරණාවක් බවත්,  සාම්ප්‍රධායික විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීමට උත්සාහ ගැනීම දෙපාර්තමේන්තවේ ඉදිරි බලාපොරොත්තුව වන බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කරන ලදී.

0 comments:

விசேட அதிதி சொற்பொழிவாற்றுகின்றார்

Wednesday, October 07, 2015 Unknown 0 Comments

தேசிய ஓய்வூதியர் தின மாநாட்டின் விசேட அதிதியாக கலந்து சிறப்பிக்கும் மலேசிய பொதுச் சேவைகள் திணைக்களத்தின் சிரேஷ்ட பிரதிப் பணிப்பாளர் திரு. ஓவ்ல் கோ​ன் லீ மாநாட்டில் உரை நிகழ்த்துகின்றார்.

மலேசிய பொதுச் சேவைகள் மற்றும் ஓய்வூதியக் கட்டமைப்பு பற்றி விபரிக்கின்றார். நிறுவனங்கள், ஊழியர் கட்டமைப்பு மற்றும் சம்பளக் கட்டமைப்புக்கள் பற்றியும் விளக்கப்படுகின்றது.

இலங்கையின் மற்றும் மலேசியாவின் பொதுச் சேவைகள், ஓய்வூதியக் கட்டமைப்பு என்பன ஒத்த பண்புளைக் கொண்டுள்ளன என குறிப்பிடுகின்றார்.

0 comments:

රාජ්‍ය පරිපාලන හා කළමකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලම්‍ෙ මැතිතුමා ජාතීක විශ්‍රාම දින සමුළුව අමතයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

අැත්තටම  විශ්‍රාම වැටුප් දෙපාර්තෙම්න්තුව සාර්ථක ගමනක් අැවිත් තියෙනවා. අද වනවිට කාලය වැය නොකරමින් විශ්‍රාම වැටුප්  දෙපාර්තමේන්තුවට පැමිණ ඔවුනට අවශ්‍ය සේවාවන් ලබාගන්න පුලුවන්. ඒ් වෙනුෙවන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කැපවි කටයුතු  කරනවා. මට අත්දැකීම් ගණානාවක් මට තියෙනවා වසර කීහිපයකට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පැවති තත්ත්වය පිළිබදව,අැත්තටම කෙටි කාලයක් තුළ සාර්ථක ගමණක් මෙම දෙපාර්තමේන්තුව අැවිත් තිබෙනවා .අනෙකුත් රාජ්‍ය අායතන වලට අාදර්ශයක් දෙන්න පුළුවන් දෙපාර්තමේන්තුවක් ලෙස  හදුනාගන්න පුළුවන්.ලෝකයේ  වැඩිම රාජ්‍ය සේවකයන් සිටින රට අපේ රට යනුවෙන් කථානායක තුමා පකාශ කළා. ඒසේ නම් වැඩිම විශ්‍රාමිකයන් සිටින්නේත් අපේ රටේ.තව තවත් විශ්‍රාමික ප්‍රජාවට සේවය කරන්න මම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සුභ පතනවා.

0 comments:

The chief gust was addressed the Symposium-2015.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

Hon. speaker Mr. Karu Jayasuriya as the chief gust was addressed the National Pensioners Day Symposium-2015. He said that in his speech , "Department of Pensions stared novel activities on behalf of the pensioners.so I  thanked the organization committee and ultimately wished wonderful future for their life time."      

0 comments:

செயலாளரின் உரை

Wednesday, October 07, 2015 Unknown 0 Comments

பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சின் செயலாளர் திரு. ஜே. தடல்லகே மாநாட்டில் உரை நிகழ்த்துகின்றார்.பொதுச் சேவை மற்றும் ஓய்வூதியத்தின் முக்கியத்துவம் பற்றி அவர் தமது விளக்கங்களை முன்வைக்கின்றார்.

0 comments:

කථානායකතුමා උත්සව සභාව අමතයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


ජාතික විශ්‍රාම දින සමුළුවේ ප්‍රධාන ආරාධිත ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමන් උත්සව සභාව අමතයි. මේ අවස්ථාවට අදහස් දක්වන කථානායකතුමන් ජාතික විශ්‍රාම දින සමුළුවට ආරාධනා කිරීම සම්න්ධයෙන් තමා ඉතා සතුටට පත් වන බව ප්‍රකාශ කරනු ලැබීය. විශ්‍රාමිකයන්ගේ සේවය වෙනුවෙන් කරන මෙම සැමරීම සිදු කිරීම යහපත් දෙයක් වන බවත් ජයසූරිය මැතිතුමන් ප්‍රකාශ කරන ලදී. රජයක යුතුකම  ජීවිත කාලය තුළ සේවය කළ රාජ්‍ය සේවකයන්ගේ සැඳෑ සමයට සේවයක් කිරීමට කටයුතු කිරීම බව එතුමන් පැවසීය. එය සැමරීමට කටයුතු කිරීමසම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් ජනරාල් වරයාට හා පරිපාලන හා කලමනාකරණ අමාත්‍යතුමන්ට ස්තූතිය ඵල කිරීමද අවසාන වශයෙන් සිදු කරන ලදී.

0 comments:

விஷேட உரை

Wednesday, October 07, 2015 Unknown 0 Comments

கௌரவ சபாநாயகர் கரு ஜயசூரியா அவர்கள் விஷேட உரை நிகழ்த்துகின்றார்.

0 comments:

Mr. Harsha De Silva was addressed the symposium.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

Hon. Deputy Ministry of Foreign affairs Mr. Harsha De Silva was addressed by The National Pensioners'  Day symposium. He said that "first of all I thanked Mr. Sunil Hettiarachchi Director General department of the pension . He is a dynamic government officer."  He mentioned in his speech, we must think not only the government officers but also the other non official sectors. For a instance farmers, Fisher mans , taxi drivers,etc. why because they done a great tasks but it is indivisibly for the society.   

0 comments:

Welcome speech

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

The welcome speech was delivered by Director General Mr. Sunil Hettiarchchi .


ஓய்வூதியத் திணைக்களத்தின் பணிப்பாளர் நாயகம் சுனில் கெட்டியாரச்சி வரவேற்புரை நிகழ்த்துகின்றார்.

0 comments:

DoP Corporate Video

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

The Cooperate video displayed through out the full screen. 

0 comments:

පොල්තෙල් පහන් දල්වයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments



විශ්‍රාමික දින සමුළුව ඒකාලෝක කරමින් පොල්තෙල් පහන් දැල්වීමේ කටයුතු සිදුවේ.

0 comments:

ආරාධිත අමුත්තන් සම්ප්‍රාප්ත වීම.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

විශ්‍රාමික දිනයේ සියලු සම්භාවනීය ආරාධිත අමුත්තන් සම්ප්‍රාප්ත වීමේ කටයුතු සිදුවිය.

0 comments:

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය සීරුවෙන්

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

අද දින සමරන විශ්‍රාම දින සැමරුම් උළෙලේ සියලුම සජීවි අවස්ථා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය විසින් බ්ලොග් අඩවියට ඇතුළත් කිරීමේ කටයුතු සිදුවේ.

0 comments:

Wishers from Great pensioner

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

Actually I'm very happy about this day. This is the first time I was engaged in an activity like this.I believe pensioners can get more information from this new technology again I wish you best of luck for the department of pensions a great pensioner.

The idea about from the retired director finance of parliament Mr. D.P. Dahanayaka 



0 comments:

විශ්‍රාමික දිනය වෙනුවෙන් විශ්‍රාමිකයින්ගේ අදහස්

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


“විශ්‍රාමිකයා වෙනුවෙන් මෙවැනි දිනයක් වෙන් කර තිබීම ඉතා වැදගත්.වර්තමානය සකස් කළේත්, අනාගතය සැලසුම් කළේත් අද වියපත්ව සිටින එදා වැඩ කළ විශ්‍රාමික පිරිසයි.මේ අනුව වියපත්ව හා රෝගීව සිටි විශාල පිරිසක් වෙනුවෙන් ඔවුන් පෙර කළ සේවය ඇගයීම සඳහා විශ්‍රාම දිනය පිහිටුවීම පිළිබඳව මගේ අදහස ප්‍රකාශ කර සිටිමි.ඒ වගේම මෙය අදට පමණක් සීමාකිරීමට මම කැමති නෑ. සෑම දිනකම විශ්‍රාමකයාගේ ගෞරවය ආරක්ෂා විය යුතුයි.විශේෂයෙන්ම විවිධ කටයුතු සඳහා රජයේ හෝ පෞද්ගලික කාර්යාල වලට පැමිණෙනන විශ්‍රාමිකයාගේ සේවා කටයුතු නිසි අයුරින් ඉටු වීමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි. සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවකයාටජද පිළිගැනීමක් තිබිය යුතුයි. විශ්‍රාමික පිරිස කියන්නේ අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිසක්.ඔවුන්ගේ දායකත්වය රටේ ඉදිරි සංවර්ධයට යොදා ගත යුතුයි. මෙය රාජ්‍ය සේවකයන් අතර විශ්‍රාමිකයන් සඳහා විශාල කවුළුවක් විය යුතුයි."
විශ්‍රාමික විදුහල්පති ආර්.කේ.එච්.රංචාගොඩ



"විශ්‍රාමික දිනය කැබිනටි යෝජනාවකින්අනුමත වුණේ 2007-ඔක්තොම්බර් 09 වෙනිදා.හිටපු ජනාධිපතිතුමිය විශ්‍රාමිකයන් වෙනුවෙන් කරපු කතාවක් නිසා විශ්‍රාමිකයන් 1999 දි උද්ඝෝෂණයක් කළා.ඒකෙදි අපි ඉල්ලීම් 08 ක් ඉදිරිපත් කළා.ඒකෙන් 4ක් ලැබුණා. විශ්‍රාමිකයන් තහවුරු කරගත්තෙ ඒ ඉල්ලීම් ලැබුණුනිසා."
-සමස්ත ලංකාවිශ්‍රාමිකයන්ගේ භාර අරමුදලේ උප සභාපති-



"මෙවැනි විශ්‍රාම දිනයක් පවත්වන එක හොඳයි. රටට ජාතියට කරන ලද සේවය වෙනුවෙන් විශ්‍රාමිකයා ඇගයීම ඉතා හොඳ කාර්යයක්."
ජී.ඒ.චන්ද්‍රසිරි
විශ්‍රාමලත් යුධ හමුදා ජනරාල්


"தேசிய ஓய்வூதியர் தின நிகழ்ச்சிகள் சிறப்பாக ஒழுங்மைக்கப்பட்டுள்ளன. எனினும் இடையிடையே சில கலை நிகழ்ச்சிளையும சேர்த்திருந்தால் நிகழ்ச்சி ,இன்னும் சிறப்பாக அமைந்திருக்கும்.​"

ந. கந்தவனம்


"மலேசியாவினது ஒய்வூதிய நடைமுறைகளை எமது ஒய்வூதிய நடைமுறைகளுடன் ஒப்பிடக் கூடியதாய் அமைந்தது. இன்று அறிமுகப்படுத்தப்பட்ட இ-கேஷ் திட்டம் எம்மால் வரவேற்கத்தக்கதாகும்."

பிரான்சிஸ் டயஸ்


"உண்மையில் ஓய்வூதியர் தினக் கொண்டாட்டங்கள் மிகவும் சிறப்பாகவும் பாராட்டத்தக்கதாகவும் அமைந்துள்ளது. நவீன தொழினுட்பத்தினைப் பயன்படுத்தி ஓய்வூதியர்களுக்கு வழங்கப் படும் சேவைகள் மிக்க வரவேற்கத்தக்கவையாகும்."


எம்.ஐ. இல்லியாஸ் – திருகோணமலை ,



0 comments:

we are ready ...........

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

Every tasks of the symposium is prepared  on behalf of the  national pensioners day  

0 comments:

සියල්ල සූදානම්

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

සමුළුවේ සියලු අවස්ථා සජීවීව ලබා දීමට සියලු කටයුතු සූදානම්

0 comments:

we are ready for the pensioners' day

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


Everything is prepared on behalf of national pensioners ‘ day symposium-2015.

0 comments:

සියල්ල සූදානම්

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments





හෙට දින පැවැත්වීමට නියමිත ජාතික විශ්‍රාම දින සමුළුවට සියල්ල මේ වන විට සූදානම්ව පවතී. එහි අවසන් අධියරේ කටයුතු මේ වන විට කොළඹ පදනම් ආයත පරිශ්‍රයේදී සිදු කෙරේ. නිලධාරී භේදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියළු දෙනාම මෙම කටයුත්ත කෙරෙහි සහභාගී වී සිටීම සියළුම රාජ්‍ය ආයතයන් ආදර්ශයක් වනු නොඅනුමාන යි.

0 comments:

විශ්‍රාම ගියාට හිතින් අපි තාමත් තරුණයි.....

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments


 රාජ්‍ය සේවයේ රැකියාව කරන අපි හැමෝම වයස අවුරුදු පනහෙදි, පනස් පහේදි විශ්‍රාම යනවා. බහුතරයක් දෙනා කියනවා අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ විශ්‍රාම වැටුප විතරයි කියලා. ඒත් අවුරුදු ගාණක් වැඩ කරලා අපි ලබන අත්දැකීම්, රට වෙනුවෙන් කොයිතරම් සේවයක් කළාද කියලා ආපස්සට හිතලා බලනකොට හිතට දැනෙන තෘප්තිය කොයිතරම්ද කියලා කියන්න වචන නැතිතරම්...
විශ්‍රාම යනවා කියලා කියන්නෙ අපි වයසට යනවා කියන එකමද?විශ්‍රාම ගියාට පස්සේ අපිට වැඩ කරන්න බැරිද? මාසිකව ලැබෙන විශ්‍රාම වැටුප සාක්කුවෙ දාගෙන ගෙදර යන එක විතරමද අපිට කරන්න පුළුවන්? කොහෙත්ම නෑ....
විශ්‍රාම ගියාට පස්සෙ වුණත් අපිට හොඳට වැඩ කරන්න පුළුවන්. අවුරුදු පනස් පහක් කියන්නෙ අත පය වාරු නැතිවෙන්න තරම් වයසක් නෙමෙයි. සමහරු කියනවා විශ්‍රාමිකයා කියන්නෙ බෝ නොවන රෝගවලට ගොදුරු වෙන පිරිසක් කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි. සමහර විශ්‍රාමිකයො ඉන්නවා තරුණ පිරිසට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් හිතින් වගේම ගතිනුත් ශක්තිමත්. අපේ අත්දැකීම් තරුණ පිරිසත් එක්ක බෙදාගන්න අපිට පුළුවන්. තවදුරටත් විශ්‍රාමිකයා කියන්නෙ අවලංගු කාසියක් නෙමෙයි.රටේ සංවර්ධනයට සක්‍රියවම දායකවෙන්න වගේම සමාජයේ අනෙකුත් පිරිස සමග උරෙනුර ගැටී වැඩ කරන්න තරම් අපේ හිත් හයිය යි.
විශ්‍රාමිකයො කියන්නෙ සමාජයට සේවයක් කරන්න බැරි පිරිසක් කියන පටු මානසිකත්වයෙන් බලන එක වත්මන් සමාජයේ දුර්වලකමක්. ඒ අදහස හිත්වලින් අයින්කරලා දාන්න දැන් කාලෙ හරි. විශ්‍රාම වැටුපක් දීලා පැත්තකට කරලා තියන්න විශ්‍රාමිකයා කෞතුක භාණ්ඩයක් නෙමෙයි. සමාජයේ නිසි සහ සම තැන ලබාදීමට කටයුතු කරනවා නම් ඒක අපි වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමක් හා සමානයි...

ඉමේෂා දිල්හානි
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

0 comments:

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments

ජාතික විශ්‍රාම දින සමුළුව පෙරදැරි කරඟෙන අාරම්ඹ කිරීමට නියමිත වෙබ් රේඩියෝව සඳහා සියළු වැඩ කටයුතු මේ වන විට සූදානම්.

0 comments:

රාජ්‍ය සේවකයාට විශ්‍රාමික වැටුප හැර වෙනත් ආරක්ෂණයක් තිබේද?

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


ගෝලීයකරණයත් සමඟ ලෝකය අති දැවැන්ත තරඟකාරී සමාජයක් නිර්මාණය කරමින් සිටී. ඒ ග්‍රහණයෙන් මිදීමට කිසිවෙකුට කළ නොහැක්කකි. මන්ද එය ජයගැනීම පිටුපස අතිප්‍රබල සාධකයන් ලෙස රැකියාව වැදගත් වන නිසාවෙනි. තරඟකාරී සමාජයට අභියෝග කරමින් යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි නම්, ඔහුට හෝ ඇයට වැදගත් වන්නේ ඉහළ වැටුපක් සහිත රැකියාවකි.රැකියාවකට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වන පුද්ගලයාට අසන්නට ලැබෙන දේ බවට අද පත්වෙලා තිබෙන්නේ, රාජ්‍ය සේවයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ රැකියාවක් ඉතා වටිනා බවයි. ඒ මක්නිසාද යත් රාජ්‍ය සේවයට සාපේක්ෂව ඉහළ වේතනයක් පෞද්ගලික අංශයේ රැකියාවකින් ලබා ගැනීමට හැකිය යන්න පවතින මතය නිසාවෙනි. නමුත් සමස්ත සමාජය මෙවැනි මතයක් දරද්දී ඇතැමුන් රාජ්‍ය සේවය පමණක් අපේක්ෂා කරන්නේ කුමකටද? “රාජ්‍ය සේවය තුළ වැඩි කාර්යයභාරයක් නැහැ.අයිස් ගහන්න පුලුවන්” යන අදහස නිසාද?නැත. ප්‍රබල කාරණාවක් ඒ පිටුපස ඇති නිසාවෙනි. සෑම පුද්ගලයෙක්ම ගෞරවනීය නාමයක් සහිතව සිය රැකියාව නිම කිරීමට කැමැත්තක් දක්වයි. ඒ ගෞරවනීය නාමය එක් කළ හැක්කේ රාජ්‍ය සේවයට පමණක් වීම එකී කාරණාව වැඩිදුරටත් තහවුරු කරයි.ඒ කෙසේද යත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් ලබා දෙන සමාජ ආරක්ෂණය නැතහොත් නිම කළ සේවාව වෙනුවෙන් ලබා දෙන විශ්‍රාම වැටුපයි. ඇතමෙක් සිතිය හැකියි, ඉහළ වැටුපක් ලබා ගන්නේ නම් හොඳ රැකියාවක් කරන්නේ නම් විශ්‍රාම වැටුපක් කුමකටද යන්නයි. නමුත් මෙය කාර්යයභාරය වැඩි, අඩු වේතනයක් සහිත රැකියා ක්ෂේත්‍රයක් විය හැකිය. විශ්‍රාම වැටුප අප අර්ථකථනය කර ගත හොත් හරියට අවලංගු වන්නට යන කාසියකට වටිනාකමක් එක් කළාක් විය හැකිය. රාජ්‍ය අංශය වැඩි වටිනාකම් සහිත ගොඩනැඟෙන යාන්ත්‍රණයකි. හිතුමතේට කිසිවෙකුට මෙය වෙනස් කළ නොහැකිය. රජය වෙනුවෙන් සේවයේ නියුතු සේවකයන්ගෙන් සැදුම්ලත් මේ ඒකකය නිරන්තරයෙන් මහජනයා වෙනුවෙන් පෙනී සිටී. එහි ප්‍රතිඵලයකි විශ්‍රාම වැටුප. සමාජ ආරක්ෂණය යන්න සමාජයට අවැසි අති ප්‍රබල සංකල්පයකි. සෑම පුද්ගලයෙක්ම සමාජ ආරක්ෂණයක් අපේක්ෂා කරයි. සේවය හමාර කළ තමාට, තම බිරිඳට හෝ ආබාධිත දුව පුතාට පූර්ව රැකවරණයක් අවශ්‍යය.මහලු කොස්වාලිහිණියෙකුට තම කැදැල්ලට හරි හැටි රැකවරණයක් සැපයිය නොහැකිය. නමුත් ඔවුන්ද රැකිය යුතුයි. එනම් රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයට එන්නේ ඒ ආරක්ෂණය පතා නොවේද? පූර්ණ රැකවරණයකට රාජ්‍ය සේවකයා වෙනුවෙන් අත්වැල සපයන්නේ විශ්‍රාම වැටුප නොවේද?

0 comments:

විශ්‍රාම දින සමුළුවේ මෙහෙයවීම් කටයුතු පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කරයි....

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments


හෙට දින පැවැත්වීමට නියමිත විශ්‍රාම දින සමුළුව මෙහෙයවන ආකාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් රැස්වී සාකච්ඡාවක නිරත වේ. නිලධාරීන්ගේ වගකීම් හා සමුළුවේ අවස්ථා කළමනාකරණය සිදු කරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් කරයි.

0 comments:

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments

හෙට දින පැවැත්වීමට නිවමිත ජාතික විශ්‍රාම දින සමුළුවේ අාසන කළමනාකරණ වැඩ කටයුතු වල නිරත වෙමින්.

0 comments:

සැමට විශ්‍රාම වැටුපක්

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments


අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. 21 සියවසයේදීත් අප සංවර්ධනය කරා ලුහු බදිනවා. විඩාබර ගමන් මගේ එක් තැනක නැවතිලා හිතුවොත් ඇත්තටම අපි සාර්ථක ගමණක් ඇවිත් තියෙනවා. ඒත් අපිට අපේ රටේ මහජනතාව වෙනුවෙන් ඉටුකරන්න තියෙන මෙහෙය අපමණයි. අපේ රටේ සංවර්ධනය තීරණය කරන ප්‍රධාන කණ්ඩායමක් විදිහට රාජ්‍ය සේවකයා හඳුනාගන්න පුළුවන්. එතකොට පෞද්ගලික අංශයට මොකද වෙන්නේ. සංවර්ධනයේ තීරණාත්මක නියමුවෙක්.  අපි නොසිතුවාට ගොවියා, කම්කරුවා , ධීවරයා  අපේ රටට කරන්නේ අපිරිමිත මෙහෙයක්. ඒ වෙනුවෙන් ඔවුන්ට කිසිදින තුටු පඬුරු හෝ පැසසුම් ලැබුණේ නෑ. සහතික සම්මාන හිමිවුණේ නෑ. ඔවුන් වෙනුවෙන් තුති ගැයුම් ලියැවුණේ නෑ.
අපේ රටේ සංවර්ධනය තිරණය කරන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් හඳුනාගන්න පුළුවන්. ඇගලුම් කර්මාන්තය අපේ රටේ තීරණාත්මක කොටසක්. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් අපේ රටේ සංවර්ධනයට ආයෝජනයක්. ඔවුන් වෙනුවෙන් හඩක් නොනැගුණු අවස්ථා නැතුවාම නොවේ. ඔබට මතක නම් එක් අවස්ථාවක අප උත්සාහ කළා ඇගලුම් කර්මාන්තයේ සේවක‍යන් වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිපත්තියක් ගේන්න. අැඟලුම් කර්මාන්තයේ ඇතැම් සේවකයන් දිවි පරදුවට තබමින් ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතික්ෂේප කළා. නමුත් අපි විශ්වාස කරනවා ගොවියාගේ,කම්කරුවගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වාම විශ්‍රාම  ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා. මේ වෙනකොට මේ ගැන මතවාද ගණනාවක් නිර්මාණය වෙමින් පවතිනවා.මම හිතන්නේ ඔබ දැනටමත් දැනුවත් .
රාජ්‍ය සේවකයා වෙනුවෙන් ස්ථිර වූ විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් මේ වනවිට ගොඩනැගිලා හමාරයි. දැන් අපි උත්සාහ කරන්නේ විශ්‍රාමිකයා ජාත්‍යයන්තරය දක්වා ගෙනයන්න,  ඒ වෙනුවෙන් කතිකාවක් මේ වනවිට ගොඩ නැගෙමින් පවතිනවා. විශ්‍රාමිකයා ජාත්‍යයන්තරය දක්වා ගෙන යාමේ සාර්ථක පියවරක් විදිහට හෙට දින පැවැත්විමට නියමිත විශ්‍රාම දින සමුළුව හදුනාගන්න පුළුවන්.

  
 මේ වනවිට  අපේ රටේ සමස්ත ජනගහණය කෝටි දෙකකට ආසන්නයි. එයින් පන්ලක්ෂ පනස් හත්දහස් පනස් තුනක් විශ්‍රාමික ප්‍රජාව. එතකොට බහුතර පිරිසට මොකද වෙන්නේ.ගොවියා, ධීවරයා , වඩු කාර්මිකයා වෙනුවෙන්  කවුද කතා කරන්නේ. ඔබ දන්නවාද?  මහජනතාව වෙනුවෙන් ඇපකැපවී කට‍යුතු කරන රාජ්‍ය ආයතනයක් විදිහට  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වනවිටත් සුදානම් වෙලා සිටිනවා, සැමට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් ජාතීක ප්‍රතිපත්තියක් පිළිබද සමාජ කතිකාවක් ගොඩනගන්න. ඒක මහා භාණ්ඩාගාරයට බරක් නොවන විදිහට සැමට විශ්‍රාම වැටුපක් ගැන කතාකරන්න පුළුවන් නම් තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.මොකද තවදුරටත් අපිට විදේශ රටවලට ණයකාරයෝ වෙන්න බැරි නිසා. සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක රටේ ආර්ථිකයට අවාසිදායකයි කියලා. සෑම දෙයකම වාසී වගේම අවාසි තියෙන්නත් පුලුවන්. මම හිතන විදිහට අපි හිතුවොත් පටන්ගන්න යන  හැම දෙයක්ම අසාර්ථකයි කියලා අපට වෙන්නේ හැමදාම එකම තැන ඉන්න.අ පි උත්සාහ කරලා බලමු. අපට පුළුවන් වෙයි සමස්ත  ප්‍රජාව වෙනුවෙන්  විශ්‍රාම ප්‍රතිපත්තියක් ගේන්න.  ඔවුන් වෙනුවෙන් හඩක් නගන්න. අන්න එදාට ඇත්තටම අපි සාර්ථකයි.


අයේෂා දමයන්ති
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය 

0 comments:

Very Happy Pensioners’ Day !

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


Wish you a very happy pensioners’ day!
Because of you we are here………….
Because of you we are alive………….
Because of you our future is secure………..
Because of you we got everything !
You are our heroes
We think it is better to address you as our heroes in our country.
May you live longer !
Again very happy pensioners’ day!!!!

0 comments:

What do you think about National Pensions' day ?

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


What do you think about National Pensions' day ? This day is very significant, not only for the pensioners, but also for the whole country. It has several reasons. One of the main reasons is that pensioners has done a great task on behalf of the country and nation. They sacrificed their valuable time and whole life on behalf of the brighter future.  As a grateful nation we always give the pride of place for them without any doubt.
At present, they have lot of challenges. One thing is after their retirement from his or her  service, they have to face a lonely situation. Sometimes they can’t spend their time without their relations, and friends. Often  pensioners can’t meet their own friends and others as in those days.
So pension department is going to do a great activity with the advent of the new technology. The department of pensions is trying to uplift the pensioners’ future. As a novel step will keep in successful way tomorrow.              

0 comments:

අධ්‍යක්ෂ ජනරාල්තුමා නිරීක්ෂණ චාරිකාවක

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments





විශ්‍රාම වැටුප් දෙපාර්තෙම්න්තු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිඅාරච්චි මහතා හෙට දිනයේ පැවැත්වීමට නියමිත විශ්‍රාමික දින සමුළුවේ පූර්ව සූදානම කෙසේද යන්න අධ්‍යයනය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම නිරීක්ෂණ චාරිකාවක නිරත වේ.

0 comments:

D.G.visited every section today

Tuesday, October 06, 2015 Methzika Kariyawasam 0 Comments


Director General Mr. sunil Hettiarachchi visited every section in the department. Meanwhile, he asked from the staff members “ are you ready for tomorrow? “

0 comments:

විශ්‍රාමිකයන් වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහනක් අවශ්‍යයි........

Tuesday, October 06, 2015 Methzika Kariyawasam 0 Comments



විශ්‍රාමිකයා කියන්නේ රටට සේවයක් කළ අගය කළ යුතු  පුද්ගලයෙක්.නමුත් වර්තමානයේ මෙරට පවතින විශ්‍රාමිකයා හා බැඳුණු විශ්‍රා‍මික ප්‍රතිපත්ති මාලාව ඉතාම දුර්වලයි.විශ්‍රාමිකයා හට නව මාධ්‍ය හා බැඳි නව විකල්ප මාර්ගවලට යන්නට‍ පෙර ඔවුන්ගේ කායික මානසික ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කළ යුතුයි.
මගේ පවුලෙත් විශ්‍රාමිකයො දෙන්නෙක් ඉන්නවා.නමුත් විශ්‍රාම වැටුපෙන් ඔබ්බට (Pension + )ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන බව නම් මා දන්නෙ නැහැ.ජාතික විශ්‍රාමික දිනයේදී  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අවධානය යොමු කරන්න ඕනෙ, නව මාධ්‍ය හා ඒකාබද්ධ වූ වැඩපිළිවෙලකට නොවේ.මෙරටට මහඟු සේවයක් කළ අග්‍රගන්‍ය වර්තමාන විශ්‍රාමිකයාට කායික මානසික ඒකාග්‍රතාව ඇති කිරීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ඇති කළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය සමන් රාජපක්ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
                                                -කැලණිය විශ්වවිද්‍යාලය-
  

0 comments:

රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයට එන්නේ විශ්‍රාම වැටුප නිසාමද?

Tuesday, October 06, 2015 Methzika Kariyawasam 0 Comments



බහුතරය රාජ්‍ය සේවයට එන්නේ ඉහළ රැකියාවක් මෙන්ම රාජ්‍ය සේවකයා යන ආත්මාභිමානයත් පෙරදැරි කරගෙන.එසේ නොමැතිව විශ්‍රාම වැටුප කියන කාරණාව පමණක් මුල්කරගෙන නොවේ.එය කරන සේවය වෙනුවෙන් ලැබෙන තවත් එක් ප්‍රතිලාභයක් පමණයි.නමුත් මෙහිදි අවැසි වන්නේ සේවා තෘප්තිය පමණයි.
රාජ්‍ය අංශයේ සේවකයා පිළිබදව කතාකරන කොට නිසකයෙන්ම අපට පෞද්ගලික අංශයේ සේවකයා මතක් වෙනවා. රාජ්‍ය අංශයේ සේවකයාට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයාටත් ඔහු හෝ ඇය කරන සේවයට තුති පිදිමක් ලෙස පාරිතෝෂිත මුදලක් පිරිනමනවා.මෙහිදි පෞද්ගලික අංශයේ සේවකයා සිය පාරිතෝෂිත මුදල නිසියාකාරව කළමනාකරණය කර ගනිමින් සිය අනාගත ආයෝජනයට යොදවනවා.ඒ නිසා ඔහු ශක්තිමත්.එහෙත් සිය විශ්‍රාමික පාරිතෝෂිත මුදල  එලෙස කළමනාකරණය කරමින් අනාගත ආයෝජනයකට මුල පුරන්නට රාජ්‍ය අංශයේ සේවකයාට නොහැකි ඇයි?
පෞද්ගලික අංශයේ සේවකයා සතුව පවතින මේ ශක්‍යතාව අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයාටත් තිබිය යුතු නොවේද?එසේ කිරීමට නොහැකි රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම් ඵලදායී හා කාර්යක්ෂම සේවයක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැකිද?
මෙහිදී මාස්පතා පිරිනමන විශ්‍රාම වැටුපක් ලබාදීම අත්‍යවශ්‍යයි කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මා විශ්වාස කරන්නේ නෑ.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුත්තේ විශ්‍රාම වැටුපක් ලබාදීමට වඩා පසෙකට තල්ලු වී ගිය විශ්‍රාමික රාජ්‍ය සේවකයාගේ කායික මානසික සමබරතාවය උදෙසා නව වැඩපිළිවෙලක් සකස් කිරීමට පෙරමුණ ගැනීමයි.

0 comments:

“සංකලන” නවමු මගක.

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන “සංකලන බිත්ති පුවත්පත ජාතික විශ්‍රාම දිනය නිමිති කරගෙන නව නිර්මාණ වලින් වර්ණවත් කරයි.

0 comments:

ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය යාවත්කාලීන විය යුතුයි.......

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අයිති රජයේ සේවයේ නියුතු වූ පුද්ගලයන්ට පමණයි. නමුත් ලෝකයේ බහුතරයක් රටවල සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුපක් හිමියි. ඔවුන් තමාගේ විශ්‍රාම දිවිය විශ්‍රාමයෙන්, විශ්‍රාන්තියෙන් ප්‍රබෝධමත්ව ගත කරනවා.
ඒත්................,
ලාංකිකයන්ගෙන් කොටසක් විශ්‍රාම වැටුපක් බලාපොරොත්තුවෙන් තම සමස්ත සේවා කාලය ම අවම වැටුපකට දිය කර හරිනවා. තවත් කොටසක් විශ්‍රාම දිවිය විඳින්නට අවකාශයක් ශක්තියක් නොමැතිව ලතවෙනවා.

ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය යාවත්කාලීන වෙන්න නම්, ඉහත සියල්ල ගැනම අවධානය යොමු කරමින්, එය පදනම් කොටගෙන, පර්යේෂණාත්මකව ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය උත්පාදනය කළ යුතුයි. අද වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එම කාර්යය ඉටු වෙනු දැකීම අනාගත විශ්‍රාමිකයින්ට සුබ ලකුණක් වනු ඇත.

0 comments:

අධ්‍යක්ෂ ජනරාල්තුමා බ්ලොග් අඩවිය පිරික්සමින්

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments

අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා බ්ලොග් අඩවියේ පාඨක අදහස් පිළිබද අවධානය යොමුකරමින් විශ්‍රාමිකයා ජාත්‍යන්තර තලයට ගෙනයාමේ ‍මෙහෙවර ප්‍රාෙයෝගිකව විමසුමට ලක්කර යි.

0 comments: