Live Stream


විශ්‍රාම ගියාට හිතින් අපි තාමත් තරුණයි.....

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments


 රාජ්‍ය සේවයේ රැකියාව කරන අපි හැමෝම වයස අවුරුදු පනහෙදි, පනස් පහේදි විශ්‍රාම යනවා. බහුතරයක් දෙනා කියනවා අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ විශ්‍රාම වැටුප විතරයි කියලා. ඒත් අවුරුදු ගාණක් වැඩ කරලා අපි ලබන අත්දැකීම්, රට වෙනුවෙන් කොයිතරම් සේවයක් කළාද කියලා ආපස්සට හිතලා බලනකොට හිතට දැනෙන තෘප්තිය කොයිතරම්ද කියලා කියන්න වචන නැතිතරම්...
විශ්‍රාම යනවා කියලා කියන්නෙ අපි වයසට යනවා කියන එකමද?විශ්‍රාම ගියාට පස්සේ අපිට වැඩ කරන්න බැරිද? මාසිකව ලැබෙන විශ්‍රාම වැටුප සාක්කුවෙ දාගෙන ගෙදර යන එක විතරමද අපිට කරන්න පුළුවන්? කොහෙත්ම නෑ....
විශ්‍රාම ගියාට පස්සෙ වුණත් අපිට හොඳට වැඩ කරන්න පුළුවන්. අවුරුදු පනස් පහක් කියන්නෙ අත පය වාරු නැතිවෙන්න තරම් වයසක් නෙමෙයි. සමහරු කියනවා විශ්‍රාමිකයා කියන්නෙ බෝ නොවන රෝගවලට ගොදුරු වෙන පිරිසක් කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි. සමහර විශ්‍රාමිකයො ඉන්නවා තරුණ පිරිසට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් හිතින් වගේම ගතිනුත් ශක්තිමත්. අපේ අත්දැකීම් තරුණ පිරිසත් එක්ක බෙදාගන්න අපිට පුළුවන්. තවදුරටත් විශ්‍රාමිකයා කියන්නෙ අවලංගු කාසියක් නෙමෙයි.රටේ සංවර්ධනයට සක්‍රියවම දායකවෙන්න වගේම සමාජයේ අනෙකුත් පිරිස සමග උරෙනුර ගැටී වැඩ කරන්න තරම් අපේ හිත් හයිය යි.
විශ්‍රාමිකයො කියන්නෙ සමාජයට සේවයක් කරන්න බැරි පිරිසක් කියන පටු මානසිකත්වයෙන් බලන එක වත්මන් සමාජයේ දුර්වලකමක්. ඒ අදහස හිත්වලින් අයින්කරලා දාන්න දැන් කාලෙ හරි. විශ්‍රාම වැටුපක් දීලා පැත්තකට කරලා තියන්න විශ්‍රාමිකයා කෞතුක භාණ්ඩයක් නෙමෙයි. සමාජයේ නිසි සහ සම තැන ලබාදීමට කටයුතු කරනවා නම් ඒක අපි වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමක් හා සමානයි...

ඉමේෂා දිල්හානි
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

0 comments: