Live Stream


මැලේසියානු මහජන සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඕල් ගෝන් ලී මහතා උත්සව සභාව අමතයි.

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments

මැලේසියාන මහජන සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඕල් ගෝන් ලී මහතා ජාතික විශ්‍රාම දින සමුළුව අමතමින් මෙවැනි සමුළුවකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය ප්‍රකාශ කර සිටී.  මැලේසියානු රාජ්‍ය අංශය ප්‍රතිව්‍යූහගත කරන ආකාරය රාජ්‍ය, දේශපාලන, ආර්ථික හා සමාජ යන අංශ 4 යටතේ සිදු වන බව ප්‍රකාශ කරනු ලබයි. සෑම වසරකම උද්ධමනය වැඩිවීමත් සමඟ විශ්‍රාමික ගැටලු ඇති වන බවත් මේ සඳහා මැලේසියානු රජය විශ්‍රාමිකයන් තුළ සාධනීය වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බවත් ලී මහතා පවසයි. පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුළ වෙනසක් ඇති කර එහි ප්‍රතිලාභ විශ්‍රාමික ප්‍රජාවට ලබා දීමට කටයුතු කිරීම ගැටලු අවම කිරීමට ගෙන ඇති පියවරක් බවත් මෙතුමන් ප්‍රකාශ කර සිටී. එසේම මැලේසියානු රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට කටයුතු මැලේසියානු රජය දියත් කර ඇති ක්‍රියාපටිපාටියක් වන බවද මෙතුමන්ගේ අදහසයි. මැලේසියානු රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මෙවැනි ආකාරයේම සමුළු පැවැත්වෙන බවත් විශ්‍රාමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ඇති ජාතික ප්‍රතිපත්ති මැලේසියාවේද ක්‍රියාත්මක කළ හැකි බවත් මෙතුමන් ප්‍රකාශ කර සිටී. මැලේසියානු රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් දැනට 40% පමණ ඇති බවත් ඔවුන්ගේ සුභසාධනයට අවශ්‍ය වැටුප් දීමනා හා උසස් පහසුකම් ලබා දී ඇති බවත් එමඟින් බහුතර පිරිසක් මැලේසියානු රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට කැමැත්තක් ඇති බවත් ETF සේවාව එරටේද ක්‍රියාත්මක වන බවත් මෙතුමන් ප්‍රකාශ කර සිටී. එසේම මැලේසියානු විශ්‍රාමිකයෙකුට ආබාධිත තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී රජය විසින් වන්දි මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවද වසරකට 2%ක් විශ්‍රාමකයන් එරටේ වැඩි වන බවත් එය පෙඩරල් ඒකාබද්ධ අරමුදල වශයෙන් හඳුන්වන බවද මෙතුමන්ගේ අදහසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ හා මැලේසියාවේ ඇති රාජ්‍ය ප්‍රතිපත්තීන් අතර සමානතාවක් ඇති බවද ලී මහතාගේ අදහසයි.


0 comments: