Live Stream


විශ්‍රාමිකයා අගය කිරිමට ගත් තීරණය අතිශය සතුටු දායකයි - ( දිවයින පුවත්පත් කර්තෘ - නාරද නිශ්ශංක )

Monday, October 05, 2015 Methzika Kariyawasam 0 Comments


විශ්‍රාමිකයාට අතීතයේ හිමිවෙලා තිබු තත්ත්වය ගැන කතා කරනකොට ඒ තත්ත්වය අඩු මට්ටමක තමා පැවතුනේ.විශ්‍රාමිකයාට එදා සමාජය තුල විශිෂ්ට ගරු කිරිමක් හිමිවෙලා තිබුනේ නැ.මට පෞද්ගලික අත්දැකීම් ගණනාවක් තියෙනවා.විශ්‍රාමික ප්‍රජාව අත්විදපු සමහර සිද්ධීන් පිළිබදව මට අත්දැකීම් ගොඩක් තියෙනවා.ඇතැම් සිද්ධීන් අතිශය සෝචනීයයි.මම හිතන විදිහට විශ්‍රාමිකයාට සමාජය තුළ ඉහළ පිළිගැනිමක් හිමිවිය යුතුයි.මොකද  විශ්‍රාමිකයා කියන්නේ මේ සමාජයට විශාල සේවයක් කළ මානව හිතවාදීන් පිරිසක් කිවහොත් වඩාත් නිවැරදියි.නමුත් විශ්‍රාමිකයා අගය කිරිම අතීතයේ හරියාකාරව සිදුවුණේ නැ.විශ්‍රාමිකයා නොයෙක් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා.විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිව ගුරුවරු, විදුහල්පතිවරු අපමණ ගැටලුවලට මුහුණ දීලා තියෙනවා.
අදවන විට විශ්‍රාමිකයා වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය ඇත්තටම සතුටුදායකයි.විශේෂයෙන්ම විශ්‍රාමිකයා අගය කිරිම අගය කළ යුතුයි. විශ්‍රාමික දිනය සැමරීම වඩාත් හොදයි.විශ්‍රාමික ප්‍රජාව අගය කරමින් කරන මේ කටයුත්ත ඉතා වැදගත්.මොකද ඔවුන් මේ රටට අපරිමිත සේවයක් කළ පිරිසක්.
එපමණක් නොවෙයි ඔවුන් සතුව විශාල දැනුම් සම්භාරයක් හා අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා.ඒ දැනුම හා අත්දැකීම් වලින් රටේ සංවර්ධනය මෙන්ම අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් දියුණු කරන්න පුලුවන්.විශ්‍රාමිකයා කියන්නේ වැටුපක් පමණක් ලබාදීමෙන් සමාජයේ අන්තයකට තල්ලුකර දැමිය යුතු පිරිසක් නෙමෙයි.මම කියන්නේ නැහැ විශ්‍රාමිකයා නැවත සේවයට සම්බන්ද කරගත යුතුයි කියලා.මම හිතන විදිහට ඔවුන්ගෙන් අපරිමිත මෙහෙයක් මේ රටට තවදුරටත් ගන්න පුලුවන්.විශ්‍රාමික වැටුප් දෙපාර්තමේන්තුව කියන්නේ විශ්‍රාමිකයාගේ එකම විමුක්තිදායකයා කිවහොත් වඩාත් නිවැරදියි.ඒ නිසා මම හිතන්නේ ඔවුනට අවශ්‍ය සේවය නිසි ලෙස ලබාදිය යුතුයි.විශ්‍රාමිකයාට අද පමණක් නොව ඉදිරි වකවානුව තුළදීත්  වටිනාකමක් ලබාදීම ඉතා වැදගත්.






0 comments: