Live Stream


සැමට විශ්‍රාම වැටුපක්

Wednesday, October 07, 2015 Chandimal Wanasuriya 0 Comments


අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. 21 සියවසයේදීත් අප සංවර්ධනය කරා ලුහු බදිනවා. විඩාබර ගමන් මගේ එක් තැනක නැවතිලා හිතුවොත් ඇත්තටම අපි සාර්ථක ගමණක් ඇවිත් තියෙනවා. ඒත් අපිට අපේ රටේ මහජනතාව වෙනුවෙන් ඉටුකරන්න තියෙන මෙහෙය අපමණයි. අපේ රටේ සංවර්ධනය තීරණය කරන ප්‍රධාන කණ්ඩායමක් විදිහට රාජ්‍ය සේවකයා හඳුනාගන්න පුළුවන්. එතකොට පෞද්ගලික අංශයට මොකද වෙන්නේ. සංවර්ධනයේ තීරණාත්මක නියමුවෙක්.  අපි නොසිතුවාට ගොවියා, කම්කරුවා , ධීවරයා  අපේ රටට කරන්නේ අපිරිමිත මෙහෙයක්. ඒ වෙනුවෙන් ඔවුන්ට කිසිදින තුටු පඬුරු හෝ පැසසුම් ලැබුණේ නෑ. සහතික සම්මාන හිමිවුණේ නෑ. ඔවුන් වෙනුවෙන් තුති ගැයුම් ලියැවුණේ නෑ.
අපේ රටේ සංවර්ධනය තිරණය කරන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් හඳුනාගන්න පුළුවන්. ඇගලුම් කර්මාන්තය අපේ රටේ තීරණාත්මක කොටසක්. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් අපේ රටේ සංවර්ධනයට ආයෝජනයක්. ඔවුන් වෙනුවෙන් හඩක් නොනැගුණු අවස්ථා නැතුවාම නොවේ. ඔබට මතක නම් එක් අවස්ථාවක අප උත්සාහ කළා ඇගලුම් කර්මාන්තයේ සේවක‍යන් වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිපත්තියක් ගේන්න. අැඟලුම් කර්මාන්තයේ ඇතැම් සේවකයන් දිවි පරදුවට තබමින් ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතික්ෂේප කළා. නමුත් අපි විශ්වාස කරනවා ගොවියාගේ,කම්කරුවගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වාම විශ්‍රාම  ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා. මේ වෙනකොට මේ ගැන මතවාද ගණනාවක් නිර්මාණය වෙමින් පවතිනවා.මම හිතන්නේ ඔබ දැනටමත් දැනුවත් .
රාජ්‍ය සේවකයා වෙනුවෙන් ස්ථිර වූ විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් මේ වනවිට ගොඩනැගිලා හමාරයි. දැන් අපි උත්සාහ කරන්නේ විශ්‍රාමිකයා ජාත්‍යයන්තරය දක්වා ගෙනයන්න,  ඒ වෙනුවෙන් කතිකාවක් මේ වනවිට ගොඩ නැගෙමින් පවතිනවා. විශ්‍රාමිකයා ජාත්‍යයන්තරය දක්වා ගෙන යාමේ සාර්ථක පියවරක් විදිහට හෙට දින පැවැත්විමට නියමිත විශ්‍රාම දින සමුළුව හදුනාගන්න පුළුවන්.

  
 මේ වනවිට  අපේ රටේ සමස්ත ජනගහණය කෝටි දෙකකට ආසන්නයි. එයින් පන්ලක්ෂ පනස් හත්දහස් පනස් තුනක් විශ්‍රාමික ප්‍රජාව. එතකොට බහුතර පිරිසට මොකද වෙන්නේ.ගොවියා, ධීවරයා , වඩු කාර්මිකයා වෙනුවෙන්  කවුද කතා කරන්නේ. ඔබ දන්නවාද?  මහජනතාව වෙනුවෙන් ඇපකැපවී කට‍යුතු කරන රාජ්‍ය ආයතනයක් විදිහට  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වනවිටත් සුදානම් වෙලා සිටිනවා, සැමට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් ජාතීක ප්‍රතිපත්තියක් පිළිබද සමාජ කතිකාවක් ගොඩනගන්න. ඒක මහා භාණ්ඩාගාරයට බරක් නොවන විදිහට සැමට විශ්‍රාම වැටුපක් ගැන කතාකරන්න පුළුවන් නම් තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.මොකද තවදුරටත් අපිට විදේශ රටවලට ණයකාරයෝ වෙන්න බැරි නිසා. සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක රටේ ආර්ථිකයට අවාසිදායකයි කියලා. සෑම දෙයකම වාසී වගේම අවාසි තියෙන්නත් පුලුවන්. මම හිතන විදිහට අපි හිතුවොත් පටන්ගන්න යන  හැම දෙයක්ම අසාර්ථකයි කියලා අපට වෙන්නේ හැමදාම එකම තැන ඉන්න.අ පි උත්සාහ කරලා බලමු. අපට පුළුවන් වෙයි සමස්ත  ප්‍රජාව වෙනුවෙන්  විශ්‍රාම ප්‍රතිපත්තියක් ගේන්න.  ඔවුන් වෙනුවෙන් හඩක් නගන්න. අන්න එදාට ඇත්තටම අපි සාර්ථකයි.


අයේෂා දමයන්ති
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය 

0 comments: