Live Stream


විශ්‍රාමිකයන් වෙනුවෙන් අලුත් හඬක්

Monday, October 05, 2015 Chandimal Wanasuriya 0 Comments

මෙවර ජාතික විශ්‍රාම දින සැමරුම් සමුළුවට සමගාමීව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් වෙබ් රේඩියොවක් ආරම්භ කිරීමට නියමිතය. ජීවිතයේ සැඳෑ සමය හුදෙකලාව ගතකරන විශ්‍රාමිකයන්ට අවශ්‍ය දැනුම, තොරතුරු ආදිය ලබා ගැනීමට මෙන්ම රසවින්දනයටද වෙබ් රේඩියෝව මගින් ඉඩ හසර ලැබෙනු ඇත. එමෙන්ම තවදුරටත් විශ්‍රාමික නිර්මාණකරුවනගේ හා කලාකරුවන්ගේ අදහස්වලට වෙබ් රේඩියෝව මගින් වේදිකාවක් තනාදීමත් විශ්‍රාමිකයන්ට සජීවීව ඒ සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාදීමත් මෙමගින් අපේක්ෂිතය.

0 comments: