Live Stream


විශ්‍රාමික පියෙකුගේ අත්දැකීම් තරුණ රාජ්‍ය සේවක පුතෙකුගේ ඇසින්

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments


රාජ්‍ය සේවයේ පත්වීම් ලැබුනු දිනයේ සිට ඕනැම රාජ්‍ය සේවකයෙකුගේ බලාපොරොත්තුව වන්නේ තමා උපන් රටට, තම අධ්‍යාපනයට, තමාගේ දහඩිය කඳුළු වැය කළ මිනිස්සුන්ට හැකි පමණින් උදාර සේවයක් ලබා දිමයි. අත්දැකිම් වලින් පරිනත වී දිර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ යෙදිමෙන් ඉහත අරමුණු ඉටුකර ගැනිමට දරන ප්‍රයත්නය එක අයුරකින් පවත්වා ගැනිමට ඕනැම රාජ්‍ය සේවකයෙකුට එක හා සමාන අයුරින් නොහැකි වුවත් විශ්‍රාම දිනය ළංවන විට රජයේ සේවකයන් ද තමා මෙතෙක් ඇසුරු කළ සංස්කෘතියෙන් මිදිමට සිදුවන බව දැනෙන ඕනැම රාජ්‍ය සේවකයෙකුට දැනෙන පොදු හැගිම වන්නේ “අනේ තව එක් දිනක් කාර්යාලයට යන්නට ඇත්නම් කොතරම් අගේ ද ”යන්නයි. විශ්‍රාම ගිය   රාජ්‍ය සේවකයෙකු වශයෙන් මගේ පියා විඳි අත්දැකිම දරුවෙක් ලෙස මම නිරික්ෂණය කළෙමි. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙකු ලෙස සේවය කිරිමට සමාජිය වශයෙන් ගොඩනැගිය යුතු පිටුබලයක් බොහෝ පවත්න බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට වටහා ගනිමින් ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් ගොඩනගා ඒ තුළින් විශ්‍රමිකයා නිවැරදි පරිදි සමාජගත කිරිමට දරන උත්කෘෂ්ට උත්සහය පර්යේෂණාත්මක සංකල්ප සේවා අංශය තුළ ගොඩනැංවිමට නව අඩිතාලමක් සහ මාර්ගයක් පෙන්වා දෙන බව විශ්වාස කරමි. ඒ වෙනුවෙන් තරුණ රාජ්‍ය සේවකයෙක් ලෙස සුභ පතමි.   

කේ. ඒ. ජේ. රූපරත්න
සහාකාර පාලක
ආගමන විගමන දෙපාර්තමෙන්තුව

0 comments: