Live Stream


විශ්‍රාමික දිනය වෙනුවෙන් විශ්‍රාමිකයින්ගේ අදහස්

Wednesday, October 07, 2015 Methzika Kariyawasam 0 Comments


“විශ්‍රාමිකයා වෙනුවෙන් මෙවැනි දිනයක් වෙන් කර තිබීම ඉතා වැදගත්.වර්තමානය සකස් කළේත්, අනාගතය සැලසුම් කළේත් අද වියපත්ව සිටින එදා වැඩ කළ විශ්‍රාමික පිරිසයි.මේ අනුව වියපත්ව හා රෝගීව සිටි විශාල පිරිසක් වෙනුවෙන් ඔවුන් පෙර කළ සේවය ඇගයීම සඳහා විශ්‍රාම දිනය පිහිටුවීම පිළිබඳව මගේ අදහස ප්‍රකාශ කර සිටිමි.ඒ වගේම මෙය අදට පමණක් සීමාකිරීමට මම කැමති නෑ. සෑම දිනකම විශ්‍රාමකයාගේ ගෞරවය ආරක්ෂා විය යුතුයි.විශේෂයෙන්ම විවිධ කටයුතු සඳහා රජයේ හෝ පෞද්ගලික කාර්යාල වලට පැමිණෙනන විශ්‍රාමිකයාගේ සේවා කටයුතු නිසි අයුරින් ඉටු වීමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි. සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවකයාටජද පිළිගැනීමක් තිබිය යුතුයි. විශ්‍රාමික පිරිස කියන්නේ අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිසක්.ඔවුන්ගේ දායකත්වය රටේ ඉදිරි සංවර්ධයට යොදා ගත යුතුයි. මෙය රාජ්‍ය සේවකයන් අතර විශ්‍රාමිකයන් සඳහා විශාල කවුළුවක් විය යුතුයි."
විශ්‍රාමික විදුහල්පති ආර්.කේ.එච්.රංචාගොඩ



"විශ්‍රාමික දිනය කැබිනටි යෝජනාවකින්අනුමත වුණේ 2007-ඔක්තොම්බර් 09 වෙනිදා.හිටපු ජනාධිපතිතුමිය විශ්‍රාමිකයන් වෙනුවෙන් කරපු කතාවක් නිසා විශ්‍රාමිකයන් 1999 දි උද්ඝෝෂණයක් කළා.ඒකෙදි අපි ඉල්ලීම් 08 ක් ඉදිරිපත් කළා.ඒකෙන් 4ක් ලැබුණා. විශ්‍රාමිකයන් තහවුරු කරගත්තෙ ඒ ඉල්ලීම් ලැබුණුනිසා."
-සමස්ත ලංකාවිශ්‍රාමිකයන්ගේ භාර අරමුදලේ උප සභාපති-



"මෙවැනි විශ්‍රාම දිනයක් පවත්වන එක හොඳයි. රටට ජාතියට කරන ලද සේවය වෙනුවෙන් විශ්‍රාමිකයා ඇගයීම ඉතා හොඳ කාර්යයක්."
ජී.ඒ.චන්ද්‍රසිරි
විශ්‍රාමලත් යුධ හමුදා ජනරාල්


"தேசிய ஓய்வூதியர் தின நிகழ்ச்சிகள் சிறப்பாக ஒழுங்மைக்கப்பட்டுள்ளன. எனினும் இடையிடையே சில கலை நிகழ்ச்சிளையும சேர்த்திருந்தால் நிகழ்ச்சி ,இன்னும் சிறப்பாக அமைந்திருக்கும்.​"

ந. கந்தவனம்


"மலேசியாவினது ஒய்வூதிய நடைமுறைகளை எமது ஒய்வூதிய நடைமுறைகளுடன் ஒப்பிடக் கூடியதாய் அமைந்தது. இன்று அறிமுகப்படுத்தப்பட்ட இ-கேஷ் திட்டம் எம்மால் வரவேற்கத்தக்கதாகும்."

பிரான்சிஸ் டயஸ்


"உண்மையில் ஓய்வூதியர் தினக் கொண்டாட்டங்கள் மிகவும் சிறப்பாகவும் பாராட்டத்தக்கதாகவும் அமைந்துள்ளது. நவீன தொழினுட்பத்தினைப் பயன்படுத்தி ஓய்வூதியர்களுக்கு வழங்கப் படும் சேவைகள் மிக்க வரவேற்கத்தக்கவையாகும்."


எம்.ஐ. இல்லியாஸ் – திருகோணமலை ,



0 comments: