Live Stream


විශ්‍රාමිකයන් වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහනක් අවශ්‍යයි........

Tuesday, October 06, 2015 Methzika Kariyawasam 0 Comments



විශ්‍රාමිකයා කියන්නේ රටට සේවයක් කළ අගය කළ යුතු  පුද්ගලයෙක්.නමුත් වර්තමානයේ මෙරට පවතින විශ්‍රාමිකයා හා බැඳුණු විශ්‍රා‍මික ප්‍රතිපත්ති මාලාව ඉතාම දුර්වලයි.විශ්‍රාමිකයා හට නව මාධ්‍ය හා බැඳි නව විකල්ප මාර්ගවලට යන්නට‍ පෙර ඔවුන්ගේ කායික මානසික ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කළ යුතුයි.
මගේ පවුලෙත් විශ්‍රාමිකයො දෙන්නෙක් ඉන්නවා.නමුත් විශ්‍රාම වැටුපෙන් ඔබ්බට (Pension + )ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන බව නම් මා දන්නෙ නැහැ.ජාතික විශ්‍රාමික දිනයේදී  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අවධානය යොමු කරන්න ඕනෙ, නව මාධ්‍ය හා ඒකාබද්ධ වූ වැඩපිළිවෙලකට නොවේ.මෙරටට මහඟු සේවයක් කළ අග්‍රගන්‍ය වර්තමාන විශ්‍රාමිකයාට කායික මානසික ඒකාග්‍රතාව ඇති කිරීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ඇති කළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය සමන් රාජපක්ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
                                                -කැලණිය විශ්වවිද්‍යාලය-
  

0 comments: