රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයට එන්නේ විශ්‍රාම වැටුප නිසාමද?
බහුතරය රාජ්‍ය සේවයට එන්නේ ඉහළ රැකියාවක් මෙන්ම රාජ්‍ය
සේවකයා යන ආත්මාභිමානයත් පෙරදැරි කරගෙන.එසේ නොමැතිව විශ්‍රාම වැටුප කියන කාරණාව
පමණක් මුල්කරගෙන නොවේ.එය කරන සේවය වෙනුවෙන් ලැබෙන තවත් එක් ප්‍රතිලාභයක්
පමණයි.නමුත් මෙහිදි අවැසි වන්නේ සේවා තෘප්තිය පමණයි.
රාජ්‍ය අංශයේ සේවකයා පිළිබදව කතාකරන කොට නිසකයෙන්ම අපට
පෞද්ගලික අංශයේ සේවකයා මතක් වෙනවා. රාජ්‍ය අංශයේ සේවකයාට මෙන්ම පෞද්ගලික අංශයේ
සේවකයාටත් ඔහු හෝ ඇය කරන සේවයට තුති පිදිමක් ලෙස පාරිතෝෂිත මුදලක් පිරිනමනවා.මෙහිදි
පෞද්ගලික අංශයේ සේවකයා සිය පාරිතෝෂිත මුදල නිසියාකාරව කළමනාකරණය කර ගනිමින් සිය
අනාගත ආයෝජනයට යොදවනවා.ඒ නිසා ඔහු ශක්තිමත්.එහෙත් සිය විශ්‍රාමික පාරිතෝෂිත මුදල එලෙස කළමනාකරණය කරමින් අනාගත ආයෝජනයකට මුල
පුරන්නට රාජ්‍ය අංශයේ සේවකයාට නොහැකි ඇයි?
පෞද්ගලික අංශයේ සේවකයා සතුව පවතින මේ ශක්‍යතාව
අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයාටත් තිබිය යුතු නොවේද?එසේ කිරීමට නොහැකි රාජ්‍ය
සේවකයන් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම් ඵලදායී හා කාර්යක්ෂම සේවයක් ඔවුන්ගෙන්
අපේක්ෂා කළ හැකිද?
මෙහිදී මාස්පතා පිරිනමන විශ්‍රාම වැටුපක් ලබාදීම අත්‍යවශ්‍යයි
කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මා විශ්වාස කරන්නේ නෑ.විශ්‍රාම වැටුප්
දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුත්තේ විශ්‍රාම වැටුපක් ලබාදීමට වඩා පසෙකට තල්ලු වී
ගිය විශ්‍රාමික රාජ්‍ය සේවකයාගේ කායික මානසික සමබරතාවය උදෙසා නව වැඩපිළිවෙලක්
සකස් කිරීමට පෙරමුණ ගැනීමයි.
0 comments: